කොහොමද යාළුවනේ. ඔන්න අද ඉදන් මම ඔයාලට මගේම ජීවිත කතාව කියන්නයි හදන්නේ. ඔයාලා මේකට මොනවද හිතන්නේ කියලත් කියන්න.
මම ඔයාල වගේ ගොඩක් පෝසත් කෙල්ලක්නම් නෙවේ. ගමේ හැදුන වැඩුන, පුළුවන් තරම් දුක් විදපු කෙල්ලෙක්. මට ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. තාත්තයි අම්මයි ගොවිතැන් කරේ. ගොඩක් දුක් විදල තියනව මට උගන්නන්න මගේ අම්මයි තාත්තයි. තාත්තටයි අම්මටයි ගොවිතැන් වලට උදවු කරන්න අයියෙක්වත් මල්ලියෙක්වත් නැති නිසා මමමයි ඒවත් කරේ. ඒ නිසා මම කෙල්ලෙක් උනාට ගොවිතැන් කරන්නත් හොදට පුළුවන්.ලොකු ඉස්කෝල වලටනම් මම ගිහින් නෑ. ගෙමේ ඉස්කෝලෙට තමයි මම ගියේ. ඒ කාලේ ඉදල අද දක්වා, ඉතාමත් රසබර සිද්දි, දුක්බර සිද්දි, ගොඩාක් තියනවා. අද ඉදන් ඔයාලත් එක්ක මම ඒව බෙදාගන්න කැමතී.
ඔයලා මම කවුද කියල දන්නේ නැනේ. ඒ නිසා මම කවුද කියල, මම මොනවගෙ කෙනෙක්ද කියල මමම කියන්නම්කො මුලින්ම. මම මේක ලියන්න මූලිකම හේතුව උනේ මේ සමාජයේ සිද්දවෙන අසාධාරනකම්, හොරකම්, මැරකම් ඔයාලටත් දැනගන්න ඕනැ නිසා, මට ඒ දේවල් පෙන්නන්න බෑ. මොකද මම ගොඩක් දුක් විදපු කෙල්ලෙක්, ජීවත් වෙන්න එච්චර දුක් විදල අපි සමාජේට ආවාම කොහේවත් යන පාපතරයන්ට යටත් වෙලා ජීවත් වෙන්න ගියාම ඒ ජීවිතේ නිකන් අපායක් වෙනවනේ, මම ඒකට කැමති නෑ. මට නැතත්, මගෙන් පස්සෙ හරි මේ සමාජෙ හැදෙනවනම් අනාගත පරපුරට හරි නිදහසේ ජීවත් වෙන්න පුළුවන්නේ. ඉතින් මම උත්සාහ කරන්නේ ඒ තත්වෙ ඇති කරන්නයි.
සාමාන්‍යයෙන චිත්‍රපටි, නවකතා, වීර කතා පටන්ගන්නේත් සමාජයේ සිද්ධවෙන අසාධාරනකම් මැඩලන්නනේ. ඒවගේ ඉතින් ඉන්නේ සුපිරි වීරයොනේ. ස්පයිඩර් මෑන්ල, සුපර් මෑන් ලා වගේ අයනේ. ඒ අයට උඩින් යන්නයි, එක එක ආයුධ මවගන්නයි මහා බලයක් තියනවනේ. මටනම් ඒ කිසි දෙයක් නෑ. අම්මා තාත්තා හදපු අත පය හතර තමා ඉතින් මම පාවිච්චි කරන්නේ.
අනික මම කෙලින් කතාකරන කෙනෙක්. කාගෙහරි මොනාහරි වැරැද්දක් කියන්න ගියාම වටින් ගොඩින්, ඇබරිලා, ඔළුව අතගාල කියන ගොන් පාට් මම ලග නෑ. මරාගෙන මැරෙන්න හරි කියන්න තියන දේ මූනටම කියනවා. හුරතල් නෑ. මොකද මගේ කියල අය නැතිවෙන්න දෙයක් නැති නිසා. මම එහෙම කීවෙ ඇයි කියල ඔයාලට කතාව කියද්දි තේරුම් යයි.
මම කෙල්ලෙක් තමයි. හැබැයි ඇගෙන් විතරයි. හිතින් මම කොල්ලෙක්ටත් වඩා ශක්තිවන්තයි. අනිත් කෙල්ලොන්ට වගේ මට හුරතල් කතා නෑ. මොකද මට හුරතල් වෙන එක පුරුදු නෑ.
සාමාන්‍යයෙන කේලම් කියන්නේ, අනුන්ගේ දේවල් හොයල කිය කිය ඇවිදින්නේ කාන්තා පාර්ෂවය කියලනේ කියන්නේ. ඉතින් මගේ ඒ බොලද වැඩත් නෑ. මට අනුන්ගේ දේවල් වලින් වැඩක් නෑ. මොකද ඒකෙන් මට ලැබේන දේකුත් නෑනේ.
මම ඉතාමත් දැහැමිව ජිවත් වෙනවා. ඉස්සර මීටත් වඩා හොදට, අහින්සක විදියට ගමේ අහිංසක කෙල්ලෙක් විදියට හිටපු ජීවිතයකුත් මට තිබුනා. ඒත් මේ සමාජේ ඉන්න මිනිස්සු මට ඒ තත්වෙන් ඉන්න දුන්නේ නෑ. ඒ නිසා අද මම මේ ත්ත්වෙට වෙටුනේ. නමුත් තාමත් මම දැහැමිව ජීවත් වෙන්න උත්සාහා කරනවා. එහෙම කියල මම උපාසක අම්ම කෙනෙක්නම් නෙවේ.
ඉතිං ඔහොම කාලය ගත වෙනකොට සාමාන්‍යපෙළ විභාගෙත් ආවා. අපේ ගමට කරන් එක තිබුනේ නෑ. ලාම්පු එළියෙන් තමා පාඩම් කරේ. ඒත් අපි ඒකට ලස්සන වැඩක් කරා.
අපේ ඉස්කෝලේ ව්මතර විෂයක් විදියට නිර්මානකරණය හා තාක්ෂනවේදය කියන විෂය ඉගැන්නුවා. ඒකෙදි අපිට පොඩි පොඩි දේවල් හදන්න කියලා දුන්නා. ඒකට අපිට තරංග සර් ගොඩක් උදවු කරා. ඒ විෂය කරන්න ගෑණු ළමයි ගොඩක් හිටියේ නෑ. මමයි තව යළුවො 3කුයි විතරයි කරේ. මොකද කට්ටිය කියනවා ඒ වගේ විෂයක් හරියන්නේ පිරිමි ළමයින්ටළු කියලා. මට ඉතින් ඕවා වැඩක් නෑ. මම ඒක කරා. ඒකෙදි අපිට කියල දුන්නා කරන් එක නිපදවෙන විදි ගැන. මට ඉතින් අදහසක් ආවා. අපේ ගේ ලගින් පුන්චි වතුර පාරක් ගලාගෙන යනවා. මෙහෙ ඉතිං කදුනේ. මම දන්න කාලෙක ඉදලා ඕක ගලනවා. උඩහින් තියන කන්දක ඉදල තමා එන්නේ. තාත්තගේ බයිසිකලේ ඩයිනමෝ එකක් තිබුනා. ඉල්ලුවාම ඉතිං නොදී හිටියේ නෑ තාත්තා. ඉතින් මම ඕක අරන් ඒකට පෙති හයි කරා. ඊටපස්සේ ඒක අර දිය පාරට හයි කරා. ඒකෙන් එන කරන් එක පොඩි පරිපතයක් හරහා LED බල්බ් දෙක්කට හයි කරා. ඒ පරිපතය හදලා දුන්නේ යළුවෙකුගේ අයිය කෙනෙක්. එය හන්දියේ පොඩි කඩයක් දාගෙන ටීවී, කැසට් හදනවා. ඉතින් එයා මට පරන විසික්කපු කෑලි වලින් පරිපතයක් හදලා දුන්නා. ඒ නිස වියදමක් ගියේ නෑ. ඊටපස්සෙ මම යළුවත් එක්ක එකතුවෙලා ඒක දිය පාරට හයි කරලා අර බල්බ් දික පත්තු වෙන්න හැදුවා. ඔන්න ඊටපස්සෙ මම ටිකක් ගමෙත් ජනප්‍රිය උනා. යාලුවත් පාඩම් කරන්න අපේ ගෙදර ආවා. පාළුවකුත් නැ ඊටපස්සේ. ලාම්පුට තේල් ගියේත් නෑ. ඔන්න ඒක හදන විදිය මම පහලින් දාල තියනවා. ඉස්කොලේ යන නංගිලා මල්ලිලත් මේක් හඩල බලන්නකෝ. ඔයලටනම් ඉතින් ඕනැවටත් වඩා පහසුකම් තියනවනේ. එත් විනොදේට වගෙ හදල බලන්න.
ඒක නේවේනේ හොදම හරිය. පාඩම් කරපු විදියනේ. යළුවො තුන් දෙනෙක් හිටියා, නිරාෂා, ලක්මිණි, සමාධි කියලා. ඔතනින් වැඩිපුරම කියවන්නේ සමාධි තමා. අපේ ගෙදර එන්නේ ඉතින් අර එළිය තිබුන නිසා. ඉතිං හවසට කට්ටිය එනවා පොත් ගොඩාක් අරගේන. ඇවිත් එළියේ බංකුවට වෙලා පොඩී කතාවක් දානවා. කොහොමහරි ඒ කතාව පැයකට දෙකකට විතර දික් වෙනවා. රෑ උනාම කාමරේට යනවා. අපේ ගෙදර මෙටි ගෙයක්, ලොකු ඉඩක් නෑ ඉතින්. කාමරේ මේසෙකුයි පුටුවකුයි විතරක් තිබුන නිසා ඉතිං ඒක ගැටළුවක් උනේ නෑ වැඩිය.
හතරදේනා ඉතිං පොතුත් අරගෙන මේසෙ වටේට ඉදගන්නවා. කොහොමහරි උපරිම පැයක් විතර සද්දයක් නැතුව පාඩම් කරනවා. ටික වෙලාවකින් සමාධි ලක්මිණිට අනිනවා. ඇනලා ඉතින් මොකක් හරි ඕපාදූපයක් කියන්න පටන්ගන්නවා. හයියෙන් කියවන්න බෑ, අම්මලාට ඇහෙනවනේ. ඒ නිසා රහසින් තමයි කියවන්නේ. අල්ලපු ගමේ අක්කේකුට කළුකුමාරයා වෙහුන විදිය කියයි. සෝමේ මාම බීලා ඇවිත් කෑ ගහපුවයි. මිහිරි අක්ක පැනල ගියපුවයි සේරම සමදිට මතකයි පොතේ පාඩම් වලට වඩා.
කට්ටිය කොහොමහරි පැය හතරක් විතර පාඩම් කරනවා. පාඩම් කරනව කීවට ඒ පැය හතරෙන් තුනක්ම කරන්නේ ඕපාදූම කියවන එක තමා ඉතින් සමාධිගේ මගපෙන්වීම යටතේ. ඒ පැය හතරෙන් පස්සේ ඉතිං පැදුර නිකම්ම දිගෑරෙන සද්දේ ඇහෙනව. අපිට ඉතිං ඇදං තිබුනේ නෑ. පැදුරෙ තමා නිදාගන්නේ. තාත්තනම් එළියේ බූරු ඇදේ නිදාගන්නවා. සමහර විට ඔයලා බූරු ඇදක් දැකලවත් නැතුඇති නේද. ඉතිං ඔන්න ටික වෙලාවකින් බලනකොට ලක්මිණි ගොරවනව ඇහෙනවා. ඊට පස්සෙ ඉතිං එක එක්කෙනා පැදුරට යනවා. මම විතරයි ඉතුරු වෙන්නේ. මට නින්ද ගියේ නෑ අර චූටි බල්බ් දෙකේ එළියට. ලාම්පු එළියට පුරුදු වෙල ඉදලා එ වගේ දෙයක් එක්ක ඉන්න ලැබෙනකොට නිදිමත අවෙ නෑ. ඉතිං මම රැ එක දෙක වෙනකම් පාඩම් කරා. අනිත් තුන්දෙනා නම් ගොරව ගොරව නිදි.
ඔහොම තමා ඉතින් පාඩම් කරේ. ප්‍රතිපලත් ඒ වගේම තමා ලැබුනේ. මම විභාගෙන් ඉහලින්ම පාස් වෙලා තිබුනා. අම්මයි තාත්තයි ගොඩාක් සතුටු උනා. මොකද, ඒ ද්න්නට ඕනැකම තිබුනේ මාව දොස්තරවරියක් කරන්න.
නගරේ හොදා පාසලකට යන්න තරම් වත්කමක් නොතිබුන නිසා උසස්පෙළත් කරේ ගමේ පාසලේ. ගොඩක් පහසුකම් නැති උනාට අපේ සර්ලා ටීචලා අපිට ඒ අඩුපාඩු නොදැනෙන්න ඉගැන්නුවා.
පළවෙනි පාර විභාගේ කරා, සාමාන්‍යයෙන පාස් වෙල තිබුනා. නැවත පාරක් කරන්න කියලා ගුරුවරු කීවට මට ඒකට හිත දුන්නෙ නෑ. මොකද ඒකට අය පාරක් කාලය වියදම් කරන වෙලා රස්සාවක් කරල කීයක් හරි හොයාගෙන අම්මා තාත්තා බලාගෙන ඉන්න එක හොදයි කියල හිතුනා. මගේ ජීවිහ්තේ විනාශ වෙන්න පටන්ගත්තේ එතනින්.
No comments:
Post a Comment