අනිත්
දෙන්නගෙන් මාව වෙන් කරා. ඒ දෙන්නව සුපුරුදු රස්සා වල යෙදෙව්වා. මාවා වෙනම පුහුණු කරා. හේතුව පස්සේ දැනගත්තේ. මම ලවා එයාලට විරුද්ධව වැඩ කරණ පොලිස් නිළධාරීන් හා වෙනත් අය මරවන එක, බැංකු වලින් සල්ලි මංකොල්ල කන්න. වාගේ දේවල් වලට තාමා මාව යොදවලා තියන්නේ. කළිනුත් හොදට ඉගෙනගත්ත අය මෙහෙම පුහුණු කරවලා මේ වගේ වැඩ වලට යොදවලා තියනවා. එයාල ඒ වැඩ කරද්දි, සමහරු පොලීසියට අහු වෙලා හිරේ ගිහින් තියනවා. සමහරු මැරිල තියනවා. මෙයාලට වීරුද්ධව වැඩ කරපු සමහර අය මරලත් තියනවා.
මගේ පුහුණුව පටන්ගන්න මට ලෑස්ති වෙන්න කීවා. අපි ගියපු ගේදර පිටතින් සාමාන්‍ය ගෙයක්. ඒත් ඒ ගෙදර ඇතුලෙන් රහස් දොරක් තියනවා. ඒකෙන් ඇතුල් උනාම ලොකු පුහුණු මධ්යස්තානයක් වගේ. හරියට හමුදාව පුහුණු කරන තැනක් වගේ.
ඒ
ගෙදර මනුස්සයා මට තව කෙනෙක් එතෙන්ට හදුන්වලා දුන්නා. ඒ තමා මගේ පුහුණුකරු. එයා ඉස්සර වැඩ කරල තියන්නේ හමුදාවේ. එහෙදි එයා අයින් කරලා. හේතුව දන්නෑ. ඊට පස්සෙ මේ වැඩ වලට සම්බන්ධ වෙලා තියන්නේ. එයා හැම දෙයක්ම දන්නවා. ආයුධ
ගැන, තාක්ෂණය ගැන, වෛද්‍ය විද්යාව ගැන, තියන්නේ පුදුම දැනීමක්. මට හිතා ගන්නවත් බෑ එ වගේ කෙනෙක් මේ වගේ වැඩ කරන්නේ ඇයි කියලා.
මුල්ම
දවසේ එයා ටිකක් හොදින් මට කතා කරා. ඒත් වැඩිය මාව ගනන් ගත්තේ නෑ. එයා ටිකක් අමුතු කෙනෙක්. එයාගේ අරමුණ මොකද්ද කියල හරියටම හිතාගන්න බෑ. මුල්ම දවසේ මුළු දවසම ඒ ශාලාව පුරා ඇවිදලා මාව හුරු කෙරුවා. එතන හිතාගන්නවත් බැරි තරම් විශාල තැනක්. පොළොව යට මෙ වගේ දෙයක් කරන්න මේ මිනිස්සුන්ට කොච්චරනම් සල්ලි ඇත්ද කියල මට හිතුනා ඒව දකිනකොට. හැම පහසුකමක්ම තිබුනා. හරියට නිකන් නගරයක් වගේ. ඒ
අතරතුර මට ඒ පුහුණුකරු ටිකක් කතා කරා.
ඔය
ළමයා මෙතෙන්ට ඔය ළමයගෙ කැමැත්තෙන් ආවද, නැත්තම් බලේන් ගෙනාවද කියන්න මම දන්නෑ. ඒකෙන් මට වැඩකුත් නෑ. මම මෙතන මගේ රාජකාරිය හරියටම කරනවා. අද මෙහෙම නිදැල්ලේ ඉන්න පුළුවන් උනාට හෙට ඉදන් වැඩ පටන්ගන්න වෙනවා. එතකොට
රෑ, දවල්, මහන්සිය කියන දේවල් අමතක කරන්න වෙනවා. මගේ රාජකාරිය ඔය ළමයව දක්ෂයෙක් කරන්න. ඒක එයාල හොද දේවල් වලට යොදා ගනීද, නරක දේවල් වලට යොදා ගනීද කියන එක මට වැඩක් නෑ. ඔය ළමයට මෙතන තාක්ෂනය, ආයුධ ගැන, හොද පුහුණුවක් දෙනවා. මීට කලින් මෙතෙන්ට ඔය වගේම අය ආවා. සමහරු පුහුණුවෙදි මැරුණා. ඒ නිසා ඔය ළමයට හොද දරා ගැනීමේ ශක්තියක් තියනවනම් මෙතනින් පුහුණු වෙලා ජීවත් වෙන්න වාසනාවක් තියේයි.
මම
දන්නවා ඔය ළමයා මත් ද්‍රව්‍ය භාවිතා කරනව කියල. ඒවා අද ඉදන් තහනම් කරනවා. මොකද මෙතනදි හොද සිහියෙන් ඉන්න වෙනවා. ඒව
නැතිව ඉන්න බැරි බවත් මම දන්නවා. ඒ නිසා ඒවට ප්රතිකාර කරනව. බැරිවෙලාවත් පැනල යන්න උත්සාහ කරොත්, ඔයාටත් වෙන්නේ අනිත් අය වගේ මේ විදියට මැරිල යන්න" කියල එයා මරපු ගෑණු ළමයි කිහිපදෙනෙකුගේ ෆොටො පෙන්නුවා. ඒ නිසා මට ඒ චරිතේ තේරුම් ගන්න අමාරු උනා. මෙච්චර හොදට කතා කරනවා. වෙලාවකට හරිම කාරුණිකයි. තත්තා කෙනෙක් වගේ. වෙලාවකට යක්ෂයෙක් වගේ.
පුහුණුවේ
මුල්ම දවස පටන්ගත්තා. එකෙදි මගේ රූපය, මම අදින පළදින විදිය ගොඩක් වෙනස් කරා. ඒව කරෙත් මගේ පුහුණුකරුමයි. අවසානේ
මට මාවම අදුරගන්න බැරි තරමට මාව වෙනස් කරලා. ඊට පස්සේ මට වෙනම ඉන්ජෙක්ෂන් වගයක් ගැහුවා. එ
නිසා මට මට මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නැතුව පියවි සිහියෙන් ඉන්න පුළුවන් උනා. එතන ඉදන් සති දෙකක් විතට රෑ දවල් නොබලා මට ව්යායාම කරන්න දුන්න. අවසානෙට මට කෙලින්වත් ඉන්න බැරුව කලන්තේ දාල වැටෙන තත්වෙට ආවා. ඒත් ඉන්න දුන්නෑ. පොඩ්ඩක් ඇහැ පිය උන ගමන් වතුර බාල්දියක් හලනව ඔළුවෙ ඉදලම.
ඒ
දවස් වල තමා මම අපායේ අද්දැකීම් ලැබුවෙ. මනුස්සයෙකුට මේ ලොකේ ඉපදිල විදින්න පුළුවන් උපරිම වද වේදනා මම වින්දා. කියන දේ කරන්න බැරිවෙන වාරයක් පාසා කනේ පාරවල්. පොලු පාරවල් කාපු වාර අනන්තයි. කනෙන් ලේ එන තරමට වේගෙන් පාරවල් ගැහුවා. වෙලාවකට හිතුනා, මුල්ම දවසේ කතා කරපු මනුස්සයමද මේ ඉන්නේ කියලා. නිදාගන්න හම්බුනේ දවසට පැයක් විතර. ගොඩක් බර දේවල් උස්සන්න දුන්නාම, ඒවා බැරි වෙනකොට පොලු පාරවල් පිට මැදට ගැහුවේ හරියට මම කෙල්ලෙක් කියලවත් හිතන්නැතුව, හිතක් පපුවක් නැති මිනිහෙක් වගේ. දවස් ගනන් බඩගින්නේ තිබ්බා.
පනින්න
තිබුනු තැන් දැක්කාම මම වැදලා කීවා අනේ මට මේ දේ කරන්න බෑ කියලා. එතකොට කොන්ඩෙන් අල්ලලා ඇදගෙන ගිහින් මාව තල්ලු කරනවා. හරියට තිරිසනෙක් වගේ. මුල් සති කිහිපය අවසන් උනා. අවසානේ මම පිරිමියෙකුටත් වඩා ශක්තිවම් උනා.
දෙවනි
පුහුණුව තිබුනේ තාක්ෂනය, කවදාවත් පරිගණකයක් අල්ලලාවත් නැතුව හිටපු මට ඒක අමුතුම අද්දැකීමක් උනා. රෑ දවල් නැතුව පාඩම් කරන්න, ඒ ආශ්රිත ක්රියාකාරකම් කරන්න උනා. පරිගනකයක් පුන්චි කොටසෙ ඉදලා ගලවලා ආපහු හදන්න, පරිගණක ජාල ගැන හොද දැනුමක් දුන්නා. අවසානේ පරිගණක පද්ධතියක් හැක් කරන විදිය පවා කියලා දුන්නා. එයාලගේ අරමුන උනේ ඒක.
ඒ
වගේම ආයුධ ගැන, ඒව හදන විදිය, බෝම්බ හදන විදිය, ඒවා නිශක්රීය කරන විදිය, වගේ හැම දෙයක්ම ඉගැන්නුවා.
ඇත්තටම මම විශ්වවිද්යාලයකට ගියා වගේ. ඒත් ඒ හැම දේම යොදාගන්න උනේ නරක දේවල් වලට. මම
අතින් අහින්සක කෙල්ලො, පිරිමි ගොඩක් මැරෙවා පුහුණුවේදී. ඒ ඒයාලා පැනල යන්න උත්සාහ කරපු නිසා හරි, මෙයාලට විරුද්ධව වැඩ කරපු නිසා හරි හිරකරගෙන ඉදලා. මට ඉලක්කෙට වෙඩි තියන්න ඉලක්ක උනේ එ අහින්සකයෝ. මගේ ජීවිතේ කොයිතරම් පවු කරල තියනවද කියල මට හිතුනේ එතකොට. කූබියෙක්වත් මරපු නැති මට අහින්සක මිනිස්සු මරන්න සිද්ද උනේ මම මොන පවක් කලාටද කියලා මට තාමත් හිතාගන්න බැරි උනා.
මුලදි
මට කෙනෙක් මරන්න හිත හදාගන්න බැරි උනත්, පස්සේ මට ඒක සුළු දෙයක් උනා. ඒ තත්වෙට මව මෝහනය කරල වගේ තිබුනේ. අවුරුද්දකින් විතර මගේ පුහුණුව අවසන් උනා. එ වෙනකොට මමත් යක්ෂනියක් වෙලයි හිටියේ. හැගීම් දැනීම් කියන දේවල් මගේ හිතට ආවෙ නෑ. මැෂින් එකක් වගේ. එයාල දෙන උපදෙස් වලට වැඩ කරා.
No comments:
Post a Comment