Wednesday, September 2, 2015
(02 කොටස) මගේ ජීවිතේ විනාශ වෙන්න පටන් ගත්තා
විභාගේ ඉවර උනාට පස්සේ මම ජොබ් එකක් හොය හොය හිටියේ. ගමේ අක්ක කෙනෙක කොළඹ ගාමට් එක්ක වැඩ කරා. ඒ අක්ක ගමට ආවට පස්සේ මම ඒ අක්කගෙන ඇහුව මටත් ඒ ගාමට් එකට වැඩට යන්න පුළුවන්ද කියලා. ඒ අක්කා කැමති උනා මාව එක්කන් යන්න. ඒත් අම්මයි තාත්තයිනම් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. පස්සේ ඒ අක්ක ගෙදර ඇවිත් කීවට පස්සේ මටත් යන්න කීවා. ඒත් කැමැත්තකින් නෙවේ.
ඒ අක්කා ආපහු යනකොට මාවත් එක්කගෙන ගියා. ඉස්සරලම අපි ගියේ අක්ක නැවතිලා ඉන්න තැනට. එතන තව අක්කලා හතර දෙනෙක් හිටියා. එදා නිවාඩු දවසක් නිසා ඔක්කෝම හිටියා. ගමේ අක්කා මාව සේරටම අදුන්වලා දුන්නා. ඒ අක්කලත් මාව ආදරයෙන් පිළිගත්තා. මම කවදාවත් මීට කලින් කොළඹ ගිහින් තිබුනේ නෑ. ඉස්සරලම වතාව තමා ඒ. ටිකක් බයකුත් දැනුනා. ගමේ අක්ක හිටපු නිසා ඒ බය ටිකක් අඩු උනා. මට ඒ වෙලාවේ දැනුනේ කොළඹ අමුතුම ලෝකයක් වගේ.
ගිහිල්ල ටික වෙලාවක් යද්දි මට හිතුනා මම මහ මෝඩ තීරනයක් ගත්තේ කියලා. ඒ වෙලාවෙම ආපහු හැරිලා එන්න. ඒත් මම එන්න තියා ආපු පාරවත් හොයාගන්න බැරුව කරකලා අතෑරියා වගේ වෙලා හිටියේ. මම එ වෙලාවේ තීරනයක් ගත්තා අක්ක ලබන මාසේ ආපහු යනකොට මමත් ආයේ නොයේන්නම යනවා කියලා.
හවස් වෙගනත් ආවා. මට මහ විකාරයක් උනා බෝඩිම් කාමරේ. හැම පැත්තෙන්ම එක එක සද්ද, විකාර ඇදුම් ඇදගත්ත අක්කලා, අමුතු කතා බහ, ටික වෙලාවකින් එක අක්ක කෙනෙක් හොදට ඇද පැලදගෙන කොහෙදෝ ගියා. මම ඒ ගැන ඇහුවාම අක්ක කීවෙ යාළුවෙක් හම්බවෙන්න යනව කියලා. ඒ මෙ රෑ වෙලා? කියල මම අහද්දි අක්ක කීවෙ
" ඒක නංගි දිග කතාවක්. ටික කාලයක් ඉන්නකොට ඔයට තේරෙයි" කියල
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment