පුහුණුව ඉවර වෙනකම් මමත් ජීවත් වෙයි කියල මට හිතුන්නෑ. ඒ තරමට මට දුක් විදින්න සිද්ධ උනා. ඒ පුහුණුව අවසන් වෙලා එක දවසක් පහුවෙලා අර නපුරු ගෑණු කෙනා ආවා. එයා මාව වෙන තැනකට එක්කගෙන ගියා. ඒකත් සාමාන්‍ය ගෙදරක්. ඒත් අර විදියමයි. පොළව යට සුපිරි නිවසක්. ඒත් අර තරම් ඉඩක් නම් තිබුන්නෑ. ඒත් එතන සුපිරිම වර්ගයේ පරිගණක පද්ධතියක්, මට අදින්න අමුතුම ඇදුම්, ආයුධ වලින් පිරිල තිබුනා. පුහුණුවේදි මට උගන්නපු විදියට ඒ පරිගණක පද්ධතියෙන් කරන්න බැරි වැඩක් නෑ.
ලංකාවේ ඕනැම බැංකුවක, ආරක්ෂක අංශ වල පරිගණක පද්ධතිත් එක්ක ඒකෙන් සම්බන්ධ වෙලා දත්ත ලබා ගන්න. ඒවට හානි කරන්න හැකියාව තිබුනා. ඒ වගේම ඕනෑම කෙනෙකුගේ ෆෝන් වලින් තොරතුරු ලබාගන්න වගේ ගොඩක් දේවල් කරන්න ඒ පරිගණක පද්ධතියට හැකියාවක් තිබුනා.
මට කරන්න ඕනෙ කරන වැඩ ටික එවල තිබුනා. අවශ්‍ය උපදෙස්. කවුදෝ පිරිමි කටහඩකින් මට කීවා. ඒ කවුද? කොහෙ ඉදන්ද කියන එක ඒ පරිගණක වලින් හොයාගන්න බැරි විදියට හදල තිබුනා.
ඉතිරි කොටස කැකි ඉක්මනින් බලාපොරොත්තු වන්න
No comments:
Post a Comment