Thursday, September 17, 2015

(10 කොටස) ඒ නිළධාරියව මරන්න මට තවත් නිළදාරීන් ගොඩක් මරන්න උනා

පුහුණුව අවසානේ මට පළවෙනි මෙහෙයුම කරන්න සිද්ධ උනාමගේ ඉලක්කය වෙලා තිබුනේ පොළිස් නිළධාරියෙක්. එයා මේ අයගේ පගා වලට කැමති වෙලා තිබුනේ නෑ. මෙයාලව කීප සැරයක්ම අත්තඩංගුවට අරන් දඩුවම් කරල තියනවා. නිසා ඒයාගෙන් පළිගන්න මාව යොදාගත්තා.
                එයා මරන්න අවශ් කරන සියළුම දේවල් මට සපයලා තිබුනා. වෙඩි තියනකොට සද්දේ පිටට ඇහෙන්නැති පිස්තෝලයක්, බයික් එකක් අතර උනා. මගේ මෙහෙයුම කරන්න උනේ රෑ. මොකද දවල් රාජකාරි කරන පොළිස් නිළධාරීන් ගානට වඩා රෑ අඩු නිසා. වගේම පොළිස් නිළධාරියා රාත්රී සේව මුරයක් කරන දවසක් උනා.
                මම කරන්න යන අපරාධය අහස පොළව නුහුලන අපරාධයක් බව මට තේරුනත්, මගේ ජීවිතේ බේරගන්න මට ඒක කරන්න සිද්ධ උනා. මගේ ජීවිතේට තියන ආසාව නිසාම නෙමේ. මම මැරුනොත් මගේ අම්මයි තාත්තයි බලාගන්න කෙනෙක් නැති වෙනවා. හේතුව නැත්තම් මේ වගේ අවංක පොළිස් නිළධාරියෙකුගේ ජීවිතේ නැති කරනවට වඩා මම මැරෙනවා.

රැ උනා. මට Call එකක් ආවා.
                මැඩම්-   "වැඩේට ලෑස්තිඩ්නේ?"
                මම -       "ඔවු මැඩම්"
                මැඩම්-   "අවශ් කරන දේවල් සේරම ලගටම දීල ඇතිරෑ නිසා ට්රැෆික් එක නැ පාරේ. යන්න පුළුවන් උපරිම වේගෙන් යනව. පොලිසිය පිටිපස්සේ අතෑරපු ගෙයක් තියනව. පැත්තේ ලයිට් එළිය අඩුයි. එතන බයික් එක දානවා.පොළිසිය පිටිපස්සේන් යනවා. සිතියම දීල තියනවනේ. ඔකේ හොදට බලනව. පොඩි කවුලුවක් තියනව වහලෙන් ඇතුලට. එකෙන් ඇතුලට බහිනව. හොදට මතක තියාගන්නව. පොළිස්කාරයො සේරම එකපාර අවුස්සගන්න එපා. රෑ නිසා කට්ටිය තැන් තැන් වල ඉන්නේ. නිසා එක එකා පිළිවෙලින් ඉවර කරගෙන යනව. අදාළ කෙනාගේ කාමරේ සිතියමේ තියනව. එතන්ට ගිහින් එයාව ඉවරයක් කරල පුළුවන් තරම් ඉක්මනට එතනින් පිටවෙනව. අදාල කෙනා ඉවර කරාට පස්සේ අනිත් අයගෙන් වැඩක් නැ.

තමුන් වෙඩි කෑවොත්?. ඒක තමුන්ට තියෙයි. හැබැයි අහුවෙලා තමුසේ අපි ගැන වචනයක් හරි කියල තිබුනොත්, ගොඩක් දුක් වෙන්න වෙයි. කියපුව තේරුනාද?

                මම- ඔවු මැඩම්
මට පිට වෙන්න තිබුනේ රෑ 12 . මොකද පාන්ද වෙනකොට කට්ටියට නිදිමතේ ඉන්න නිසා මගේ වැඩේ ලේසි. වෙනකම් මම කල්පනා කරේ මෙකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. හැමතැනම උන්ට වැඩ කරන මිනිස්සුමට පැනගන්න කොහෙත්ම ඉඩක් නෑ. ඒත් මගේ එකම අදිෂටානය උනේ මේ උගුලෙන් ගැලවිලා ආපහු ගමට යන්න.

වෙලාව රෑ 12 යි. මම යන්න පිටත් උනා. පාරේ කිසිම කෙනෙක් නෑ. මම පුළුවන් තරම් එක්මනට පොළිසිය ලගට ලං උනා. කරන්න යන දේ ගැන බයකුත් දැනුනා. ඒත් කරන්නම වෙන නිසා හිත හදා ගත්තා. කියපු විදියටම මම පොළිසියට ඇතුල් උනා. නිළධාරියව මරන්න මට තවත් නිළදාරීන් ගොඩක් මරන්න උනා. අහින්සක ජීවිත වලට මම කවදා වන්දි ගේවන්නද කියල මට හිතුනා.











එක නිළදාරියෙක් තැනකට වෙලා call  එක්ක හිටියේ. මට ඇතුලට යන්න එයාව මරන්න උනා. මට අහම්බෙන් වගේ එයාගේ ෆෝන් එක ගන්න හිතුනා. මට ෆෝන් ලග තියාගන්න අවසරයක් නැති නිසා මම ඒක හන්ගගෙන ආව මැඩම්ලට සැක හිතෙන්නැතිවෙන්න. එදා මම මෙහෙයුම සාර්තකව ඉවර කරා. ඊට පස්සේ සතියක් විතර මට අයෙත් සුපුරුදු රස්සාවෙ යෙදිල ඉන්න කීවා කලබලය අඩු වෙනකම්. කාලේ මම ටොයිලට් එකට යන ගමන් අර ෆෝන් එක පරීක්ෂා කරා. සිම් එක ගලවලා ආව නිසා එකෙන් ෆෝන් එක තියන තැන හොයාගන්න බෑ. අනුන්ගේ මනාලියක් විදියට මම බිස්නස් යනගමන් හොරෙන් ගත්ත සිම් එකක් දාගත්තා. ඒකෙන් මම ඉන්ටනෙට් එකේ හොයල බැලුව මගේ ඇග ඇතුලට දාල තියන උපකරනය මොකද්ද, ඒකෙන් බේරෙන්නේ කොහොමද කියලා.

No comments:

Post a Comment