දවසක්
මැඩම් මට කතා කරා. මැඩම් කීවා
"ඔයාට ටිකක් නිදහසේ ඉන්න දෙන්නයි හදන්නේ. හැබැයි ඔයා අපිට විරුද්ධ උනොත් හරි, අපි ගැන වෙන කාටහරි කියල තිබුනොත් හරි ඔයාට ගොඩක් කරදර වෙන්න වෙයි"
කියලා. ඊට පස්සේ කීවා දැං ගමනක් යන්න ලෑස්ති වෙන්න කියල.
මමයි තවත් ගෑණු ළමයි දෙන්නෙකුටයි එහෙම කීවා. ඊට පස්සේ අපිව එක්ක ගියේ privet hospitl එක්කට. ඒකෙදි අපිව කාමරේකට දැම්මා. ටික වෙලාවකින් ඩොක්ට කෙනෙක් ඇවිත් අපේ වම් අත් වලට බෙහෙත් විදල ටිකක් වෙලා ඉන්න කීවා. ටික වෙලාවකින් අපිව ඇදකට දාල අපේ අත් වල පොඩි පැල්මක් දාලා වී කරලක් වගේ දෙයක් හම ඇතුලට දාලා මැහුමක් දැම්මා. ඒක එච්චර රිදුනේත් නෑ. ඒ මොකද්ද කියල මැඩම්ගෙන් අහන්නත් බයයි. මොකද අපේ ශරීරේ ඒ වෙනකොට මැඩම්ටම අයිති වෙලා තිබුන නිසා. අපි තුන් දෙනාටම එ ඔපරේෂන් එක කරා. ටික වෙලාවක් ඉදලා ආපහු අපි හිටපු තැනටම ආවා. මැඩම් කතා කරල කීවා, දන්නවද මොකද්ද ඒ කරේ කියල ඇහුවා. අපිටත් ඒක දැනගන්නකම් ඉවසිල්ලක් නැතුව හිටියේ.
" ඔකේන් පුළුවන් ඔයාල යන තැන් අපිට බලාගන්න. අපි කියන දේට පිටින් මොනාහරි කරොත් ගොඩක් විදවන්න වෙයි තේරුනාද?" කියල අපිට සැරෙන් වගේ කතා කරා. ඊට පස්සේ අපිට ටික වෙලාවක් අළුත් කතාවක් කීවා. ගෑණු කෙනෙක් ආවා.එයා පෙනුමෙන් නපුරු කෙනෙක්. අපේ මැඩම් වැඩ කරන්නේත් එයා යටතේ. එයා අපිට කතා කරා.
උඹල
තුන් දෙනා හොදට වැඩ කරනව කියල මට දැනගන්න ලැබුනා. ඒ නිසා උඹලට ටිකක් නිදහසේ ඉන්න පුළුවන්. හැබැයි උඹල අනම් මනම් වැඩ කරන්න ගත්තොත් වෙන දේ මෙයා කියන්න
ඇතිනේ. අය ඒ ගැන අමුතුවෙන් මට කියන්න දෙයක් නෑනේ?"
කියල අපේ මැඩම් දිහා බැළුවා. අපේ මැඩමුත් බයවෙලා වගේ " ඔවු මැඩම්" කීවා.
කුරුණෑගල
යන්න ලෑස්ති වෙයල්ලා. උඹලට කොල්ලොත් එක්ක ෆන් එකක් ගන්න ගමන් අපේ බඩු ටිකක් තියනවා. ඒවා අපි කියන තැන් වලට ගිහින් දාන්න ඕනේ. උඹලට ඕනේ කරන ඉන්ජෙක්ෂන් අපි වෙනම දෙනවා. හැම සිකුරාදම උඹලට බඩු හම්බ වෙයි. උඹලට ඉන්ඩ ගෙයක් දෙනවා. කන්න බොන්න දෙනවා. පොලීසියට සැක හිතෙනවට අපි උඹලට ඒ ලගින් පොඩි කොමියුනිකේෂන් සෙන්ටර් එක්ක වැඩට දානවා. ඒකත් අපේ එකක්. උඹලට තියන්නේ එතන වැඩ කරනවා වගේ ඉදලා අපේ බඩු ටික බෙදලා දෙන්ඩ. හැබැයි එකක් මතක තියාගනිල්ලා. ඉන්ජෙක්ෂන් දුන්න වගේ නෙවේ. උබල බිස්නස් එක කරන වෙලාවට ඕවා පාවිච්චි කරන්න බෑ තේරුණාද?
උඹලගේ
සිහිය විකල් උනාම ඕව කරන්න බෑ. ඒ වගේම මතක තියාගනිං. අපිට වැඩ කරන කොල්ලො ගොඩක් එහෙ ඉන්නවා. උන්ටත් හොද ෆන් එකක් දෙන්ඩ ඕනේ. තව විස්තර හම්බවෙයි. උඹලට ෆෝන් එකක් දෙනවා. අපි උඹලට පණිවිඩ දෙන්නේ ඒකෙන්. එකේ උඹලගේ එක එකාගේ නම්බර් තියෙන්ට බෑ තේරුනාද? නිදෙල්ලේ යන්ඩ දුන්න කියලා එක එකා එක්ක love කරන්න පටන්ගන්න නම් එපා තේරුනාද? එහෙම උනොත්, උඹලගෙ වල ගාවින්ම එවුනුත් වලලන බව මතක තියාගනිල්ලා තේරුනාද? අපි කියන විදියට හිටියොත් උඹලට හොදට හම්බකරගන ෆන් එකේ ඉන්ඩ පුළුවන්. තේරුනානේ? මොනාහරි ප්රශ්ණ තියනවද? තියනවනම් අහපල්ලා. පස්සේ අය අනම් මනම් කියන්ඩ බෑ. තියනවද?"
කියලා අපේ මූන දිහා බලල අහනකොට අපිට කතාකරගන්න වචන ආවෙ නෑ. අපි
හැම දේකටම එකගයි වගේ ඔළුව හෙල්ලුවා.
හා දැන් ලැස්ති වෙයල්ල මගෙත් එක්ක යන්න"
කියලා මැඩම් කාමරේකට ගියා. ඒ අළුත් ළමයේක් හිටපු කාමරේකට. ඒ ළමයත් ගමකින් ආව ගෑණු ළමයෙක්. එයටත් මත් වෙන්න එක එක දේවල් දුන්නත් ඒ ළමයා මෙතනින් පැනල යන්න උත්සාහ කරා. ඊට පස්සේ ඒ ළමයාට අපා දුක් විදින්න සිද්ද උනා. දැන් ආපු ගෑනු කෙනා ඇතුලට ගිහින් හයියෙන් බනිනව ඇහුනා
"පර
බැල්ලි. තෝ අපිට චන්ඩි පාට් දානවද? තො හිතුවද බැල්ලියේ මේව තොපේ ගම් වගේ කියලා?. තො මොකද කියන්නේ? මැරෙනවද? අපි කියන විදියට ඉන්නවද? "
කියලා ඇහුවා. එ වෙනකොටතේ ඒ ළමයට කතා කරන්නවත් බැරි තරමට හොදටම ගහලයි තිබුනේ. ටික වෙලාවකින් මර හඩ දීලා කෑ ගහන සද්දයක් ඇහුනා. එතනින් එහාට මොනා උනාද කියන්න අපි දන්නෑ. අපි ලෑස්ති වෙලා වෑන් ඒ ගෑණු කෙනා ආපු වාහනේට නැන්ගා. ඇත්තටම ඒ ගෑණු කෙනෙක්ද? යක්ෂනියක්ද කියලත් මට හිතුනා. අපි බයේ වෙවුල වෙවුල හිටියේ.
ටික
වෙලාවකින් ඒ ගෑණු කෙනත් ආවා. අපි වෙවුලන්න ගත්තා. එයා අපි දිහා බලලා කට කොනකින් හිනා වෙලා
"
තොපිටත් ඔය ටික තමා වෙන වැඩ කරොත්." කියල එයා වාහනේ ඉස්සරහට නැගල ඩ්රයිවට කීවා "
යමං'
කියලා.
අපිට වෙන දේ හිතා ගන්න බැරි උනා. මොනව උනත් අපි දැං එයාලගෙන් නැටවෙන රූකඩ වගේ. අපි
මොකුත් කතා නොකර එන්න පිටත් උනා.
වාහනේ
ගොඩක් වේගෙන් ආවා. පැය කීපයකට පස්සේ අපි කුරුණෑගල කියන බෝඩ් එක දැක්කා. මගෙ පපුව ගැහෙන්න ගත්තා. ටික වෙලාවකින් අපි ගෙදරකට ආවා. මගෙත් එක්ක හිටපු අනිත් දෙන්නගෙන් එක්කෙනෙක්ට මහන්සියට නින්ද ගිහින් හිටියේ. අර ගෑණු කෙනා පිටිපස්සට ඇවිත් හයියෙන් කනට ගැහල
"
ඒ. නැගිටපං. යකො තොපි නිදි කරවන්න නෙවේ එක්ක ආවේ" කියලා " හම්, බැහැපියවු" කීවා. අපිත් හිරකාරයො වගේ බැහැල ගේ ඇතුලට ගියා.
එතන
ඉදං මම තවත් අළුත් ජීවිතයක් පටංගත්තා.
No comments:
Post a Comment